ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ටියර් ඒ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (21) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහිදී මෙවර ශූරතාව දිනා ගැනීමට පසුගිය වර ශූරයින් වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමගින් ඊට පෙර පිට පිට දෙවතාවක්ම ශූරයින් වූ කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය තරග වදියි.
පසුගිය වර ශූර මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පළමු වටයේදී තම කාණ්ඩයේ අනු ශූරයින් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලද අතර, එහිදී කොළඹ මහානාම විද්‍යාලය පරාජයට පත්කරමින්
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අවසන් පූර්ව තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය පැරදවූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය පළමු වටයේදී තම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්ව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර, එහිදී පසුගිය වර අනු ශූර ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පරදවමින්
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය අවසන් පූර්ව තරගයේදී කඳාන දි මැසිනෝද් විද්‍යාලය පරදවා අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මනුල කුලරත්න මහනුවර ත්‍රිත්ව විද්‍යාල පිල මෙහෙයවනු ලබන අතර, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල පිල ළහිරු අමරසේකර විසින් මෙහෙයවනු ලබයි.
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල සංචිතය: ළහිරු අමරසේකර (නායක), හිරාන් ජයසුන්දර (උපනායක), අභිෂේක් ජයවීර, හිරුන් මතීෂ, හේෂාන් රාමනායක, කෙනාත් ලියනගේ, දේශාන් තලහිටියාගල, හිරාන් රණවීර, මානස මධුභාෂණ, දුනික් පෙරේරා, යෙනුල දෙව්තුස, රිෂ්ම අමරසිංහ, ඩිහේන් ද සිල්වා, කවේන් පතිරණ, නිම්තක ගුණවර්ධන, නුෂාන් පෙරේරා, ඩේමියන් ද සිල්වා, අවීෂ සමාෂ්, සෙනුජ වැකුණුගොඩ, ආසිරි කල්දේරා (ක්‍රිකට් භාර ආචාර්ය), ඩිලන් රාමනායක (ප්‍රධාන පුහුණුකරු), ඩිනාල් දම්බරගේ (සහාය පුහුණුකරු), ටොරින් පිටිගල (සහාය පුහුණුකරු)
මහනුවර ත්‍රිත්ව විද්‍යාල සංචිතය: මනුල කුලරත්න (නායක), දිනුෂ පීරිස්, සුපුන් වඩුගේ, දිනුක තෙන්නකෝන්, තරණ විමලධර්ම, ජයවි ලියනගම, විනුක දම්මගේ, ආර්.එම්.එම්.බී රත්නායක, ලක්වින් අබේසිංහ, වතිල උදාර, ජේ. අයි ජයරත්න, ඕ.එස්. බණ්ඩාර, රජිඳු තිලකරත්න, පී.ටී. තිලකරත්න, බ්‍රයන් සේනාරත්න (ක්‍රිකට් භාර ආචාර්ය), නවීන් ඒකනායක (ප්‍රධාන පුහුණුකරු), ලක්ෂිත අලහකෝන් (සහාය පුහුණුකරු)
ඉෂානි යද්දෙහි