ලේක්හවුස් ආයතනයේ මහනුවර කර්තෘ මණ්ඩලයට අනුයුක්තව වසර 12ක පමණ කාලයක් මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ ඉන්ද්‍රාණි තෝරදෙණිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මිය යනවිට 54 වැනි වියේ පසු වූ ඉන්ද්‍රාණි මහත්මිය ස්වේච්ඡාවෙන් විශ්‍රාමයෑමේ වැඩපිළිවෙළ යටතේ මෙයට වසර 04 කට පමණ පෙර දී ලේක්හවුස් සේවයෙන් ඉවත්විය.
හිටපු ඇමැති සරත් අමුණුගම මහතා සමඟ දීර්ඝ කාලයක් දේශපාලන කටයුතුවල නිරත වූ ඇය ඒ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස ද කලක් කටයුතු කළාය.
මහනුවර කර්තෘ මණ්ඩල ශාඛා කාර්යාලයේ වැඩ බලන ප්‍රදේශීය කර්තෘ ලෙස ද කලක් කටයුතු කළ ඉන්ද්‍රාණි ලේක්හවුස් ආයතනයෙන් ඉවත්වීමෙන් පසු ව්‍යාපාර කටයුතුවල නිරත වූවාය.
දේහය මහනුවර පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ අතර ඊයේ (20) පස්වරුවේ හාරිස්පත්තුව යටිවාවල ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදු කෙරිණි.