Home » කොටි මහවිරු සැමරුම් පවත්වන පිරිස් අත්අඩංගු වට ගන්න උසාවි නියෝග නිකුත් වෙයි

කොටි මහවිරු සැමරුම් පවත්වන පිරිස් අත්අඩංගු වට ගන්න උසාවි නියෝග නිකුත් වෙයි

by sachintha
November 22, 2023 1:00 am 0 comment

කොටි සාමාජිකයින්ගේ ඡායාරූප හා නාමාවලිද සංකේතද යොදා ගෙන මහවිරු සැමරුම් උලෙළ පවත්වන පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස උතුරේ අධිකරණ කීපයකින්ම 20දා පොලිසිය වෙත නියෝග ලබා දී තිබේ.

එම නියෝගයන් පිළිබඳව සවිස්තරාත්මක විස්තර පොලිසිය විසින් දෙමළ දේශපාලනඥයන් හා දේශපාලන ක්‍රියාධරයන් විශාල පිරිසකට දැනුම් දී ඇතත් ඔවුන් එම නියෝග නොතකා මහවිරු දිනය සැමරීම සඳහා තොරණ හා සමරු ස්මාරක තැනීමට පටන් ගෙන තිබේ.

යාපනයේදී මහවිරු උලෙළ සැමරීම සඳහා විශේෂ කූඩාරමක් ඉදිකෙරෙන අතර, එහිදී යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින් 24,379කගේ නාමාවලියක් හා ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබේ.

උතුරේ පොලිසි විසින් අධිකරණවලට ඉදිරිපත් කරන ලද වාර්තාවන් සැලකිල්ලට ගෙන සෑම අධිකරණයකින්ම මහවිරු උලෙළ පැවැත්වීම තහනම් කොට ඇතත් පේදුරුතුඩුව පොලිසිය විසින් පේදුරුතුඩුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අධිකරණ වාරණ නියෝගයක් ලබා ගැනීම සඳහා වූ පෙත්සම ප්‍රතික්ෂේප කොට තිබේ.

ඒ අනුව පේදුරුතුඩුව අධිකරණ බලප්‍රදේශය තුළ මහවිරු උලෙළ පැවැත්වීමට නීතියෙන් බාධාවක් නොමැත.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT