Saturday, May 10, 2025
Home » කටුනායකට නව ඩිජිටල් ගුවන් පාලන කළමනාකරණ පද්ධතියක්

කටුනායකට නව ඩිජිටල් ගුවන් පාලන කළමනාකරණ පද්ධතියක්

by sachintha
November 22, 2023 1:01 am 0 comment

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තවදුරටත් නවීකරණය කරමින් නව ඩිජිටල් ගුවන් ගමන් පාලන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව ගුවන්තොටුපොළේ ගුවන් පාලන කටයුතු නවීකරණය කිරීමේ නව වැඩපිළිවෙළ යටතේ ප්‍රධාන ගුවන් පාලන කුලුන සහ රේඩාර් මධ්‍යස්ථානය පූර්ණ ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීම ආරම්භ කර තිබෙන අතර, මේ නව ඩිජිටල් ගුවන් ගමන් පාලන කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) සිදු විය. මේ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහත්වරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වූහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT