Home » මේ රටේ ආර්ථිකය ගොඩනැඟීමට අපහසු වී ඇත්තේ විදේශ ආයෝජනවලට එරෙහි වීම නිසයි

මේ රටේ ආර්ථිකය ගොඩනැඟීමට අපහසු වී ඇත්තේ විදේශ ආයෝජනවලට එරෙහි වීම නිසයි

-මන්ත්‍රී රාජිත සේනාරත්න

by sachintha
November 22, 2023 1:00 am 0 comment

මෙරට ආර්ථිකය ගොඩනැඟීම අපහසු වීමට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ විදේශ ආයෝජනවලට එරෙහි වීම බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අය වැය දෙවනවර කියවීමේ විවාදයට එක් වෙමිනි.

තවදුරටත් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය.

විදේශ ආයෝජනයක් පැමිණි විගස රට විකිණීමට උත්සාහ දරන බව සඳහන් කරනවා. ඇතැමුන් ගෝණි බිල්ලන් ලෙස කටයුතු කරනවා. කෙසේ වුවද ආර්ථිකයේ ඇන්ජිම වන්නේ පෞද්ගලික අංශයයි. ජපානය සහ ජර්මනිය අර්බුදය පාවිච්චි කරමින් ගොඩනැඟුණ අතර, ඉන්දියාව මෙන්ම තායිලන්තය ද ආර්ථිකය පුනර්ජීවනය කර ගත්තේ බියෙන් තොරව ප්‍රතිසංස්කරණ සිදු කිරීම නිසායි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT