කඳුළු ගෑස්වලට වියදම් කරන මුදල් විශ්වවිද්‍යාල සිසුන්ගේ සුබසාධන වැඩ සඳහා යොදා ගන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.
මැතිවරණ ඉලක්ක කර ගනිමින් අය වැයට අදාළ යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙනවා. නඩු තීන්දුවෙන් ආර්ථික ඝාතකයන් කවුදැයි ප්‍රකාශ කළ අතර ඒ අනුව ඔවුන් මෙරට ජාති ද්‍රෝහීන් බවට පත් වී තිබෙනවා.
අපි දැක්කා පසුගිය දවස්වල නඩු තීන්දුවක් ආවා. ඒ නඩු තීන්දුවෙන් මේ රටේ ආර්ථික ඝාතකයෝ කවුද කියලා ප්‍රකාශ කළා. වැරදි කළමනාකරණය, වැරදි පරිපාලනය හරහා ඔවුන් මේ රටට ජාතිද්‍රෝහීන් වෙලා තියෙනවා. මෙතනදී මම තව දෙයක් මතක් කරන්න ඕනෑ. මාව හිරේ දැම්මා අවුරුදු දෙකහමාරකට. ඒ නඩුව මෙහෙයවන්න ආවා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ. ඔහු කිවුවා මගේ බෑනා වරදක් කරලා තියෙනවා, ඒ වරද මම දැනගෙන ඉඳලා තියෙනවා.
ඒකට හේතුව ලෙස ඔහු පෙන්නුවේ මගේ දියණියගේ මඟුල් ගෙදර මම හමුදාපති කාලයේ හමුදාපති නිල නිවෙසේ ගත්ත නිසා බෑනගේ ව්‍යාපාර මම දැනගෙන ඉන්න ඕනෑ කිවුවා. මම අමෙරිකාවේ ගිහින් දවස් 04ක් දියණියගේ නිවෙසේ රුඳුණු නිසා බෑනාගේ ව්‍යාපාර ගැන මම දැනගෙන ඉන්න ඕනෑ කියලා කිවුවා. යුද්දේ ඉවර වුණාට පස්සේ අපේ දරුවන්ට පිටරටදී ආරක්ෂාවක් දීලා තිබුණා. එහිදී මේ ව්‍යාපාර ගැන මම අනිවාර්යයෙන්ම දැනගෙන හිටියා කියලා මාව හිරේ දැම්මා.
කඳුළු ගෑස්වලට වියදම් කරන මුදල් විශ්වවිද්‍යාල සිසුන්ගේ සුබසාධන වැඩ සඳහා යොදා ගන්න
-මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
312
කලින් පුවත