Saturday, May 10, 2025
Home » බදුවලින් නිදහස් විය නොහැකි පුළුල් ජාලයක් මෙවර අය වැයෙන් ඉදිරිපත් කර තිබෙනවා

බදුවලින් නිදහස් විය නොහැකි පුළුල් ජාලයක් මෙවර අය වැයෙන් ඉදිරිපත් කර තිබෙනවා

- විදේශ කටයුතු ඇමැති අලි සබ්රි

by sachintha
November 22, 2023 1:00 am 0 comment

බදුවලින් නිදහස් විය නොහැකි පුළුල් ජාලයක් මෙවර අය වැයෙන් ඉදිරිපත් කර ඇති බවත් බදු යෝජනාවන් මඟින් කිසිවෙකුටත් මඟ හැර යා නොහැකි බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය.
අය වැය දෙවැනිවර කියවීමේ හත්වැනි දින විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

හැමෝගෙම කිල්ලෝටවල හුනු තිබෙන බව මතක තබා ගන්න ඕනෑ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. අපට ආර්ථික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒ සඳහා අමාරු තීන්දු ගත යුතුයි. හැම 16 දෙනකුටම අපේ රටේ රාජ්‍ය සේවකයෙක් සිටිනවා. ඉන්දියාවේ සිටින්නේ 140 කට එක් කෙනයි. ඉතින් කොහොමද අපි වෙනස් වෙන්නේ.

මෙරට අපනයන කර්මාන්තය මුළුමනින්ම විනාශ කර තිබෙනවා. දේශීය ව්‍යවසායකයන් ලංකාව ගැන විතරක් හිතලා මෙරටට අවශ්‍ය භාණ්ඩ පමණක් හදන්න අවසර දෙනවා. එය නිවැරදි නැහැ.

ලංකාවට හරියන විදිහටත් අනුව ලෝකයේ වෙළෙඳ පොළට ගැළපෙන ලෙස අපි භාණ්ඩ නිෂ්පාදනය කළ යුතුයි. මේ තත්ත්වයන් ඇති වීමට පාලනය කළ හැම ආණ්ඩුවක්ම වගකිව යුතුයි. සටන් පාඨ මත හිඳගෙන ආර්ථිකය ස්ථාවර කළ නොහැකියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT