Saturday, May 10, 2025
Home » ගිනිගත්හේන ග්‍රාමීය බැංකු නිලධාරීන් ඇහිලූ රන් මාලය අයිතිකාරිය අතටම

ගිනිගත්හේන ග්‍රාමීය බැංකු නිලධාරීන් ඇහිලූ රන් මාලය අයිතිකාරිය අතටම

by sachintha
November 22, 2023 1:00 am 0 comment

සීමාසහිත ගිනිගත්හේන සමුපකාර සමිතිය යටතේ පාලනය වන ගිනිගත්හේන ග්‍රාමීය බැංකුව අසල වැටී තිබූ රුපියල් හාරලක්ෂ අසූපන්දහසක් පමණ වටිනා රන් මාලයක් අයිතිකරු සොයා භාර දීමට එම බැංකු ශාඛාවේ කළමනාකරු සහ සේවකයන් පියවර ගෙන ඇත.
ගිනිගත්හේන හැබ්බැකන්ද ප්‍රදේශයේ පදිංචි රන් මාලයේ අයිතිකාරිය සිය අත්බෑගයේ තබා ගෙන තිබූ මාලය බැංකුව අසලදී වැටි ඇති අතර, පසුව ඇය මාලය සොයා නගරය පුරා සැරසරන අවස්ථාවේ බැංකුව අසල වැටී තිබූ රන් මාලය අහුලා ගත් බැංකු සේවකයන් ඒ පිළිබඳව ග්‍රාමීය බැංකු ශාඛාවේ කළමනාකාරීත්වය දැනුම්වත් කර ඇත. පසුව රන් මාලයේ අයිතිකාරිය බැංකු ශාඛාව වෙත කැඳවා එහි වත්මන් සභාපති නෙළුම් කුමාර මහතා සහ එම බැංකු ශාඛාවේ කළමනාකරු ඇතුළු සේවකයන් හා සමිතියේ පාලන අධිකාරියේ නිලධාරීන් ඉදිරියේදි මාලය යළි අයිතිකාරියට භාර දී තිබේ.
හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT