සීමාසහිත ගිනිගත්හේන සමුපකාර සමිතිය යටතේ පාලනය වන ගිනිගත්හේන ග්රාමීය බැංකුව අසල වැටී තිබූ රුපියල් හාරලක්ෂ අසූපන්දහසක් පමණ වටිනා රන් මාලයක් අයිතිකරු සොයා භාර දීමට එම බැංකු ශාඛාවේ කළමනාකරු සහ සේවකයන් පියවර ගෙන ඇත.
ගිනිගත්හේන හැබ්බැකන්ද ප්රදේශයේ පදිංචි රන් මාලයේ අයිතිකාරිය සිය අත්බෑගයේ තබා ගෙන තිබූ මාලය බැංකුව අසලදී වැටි ඇති අතර, පසුව ඇය මාලය සොයා නගරය පුරා සැරසරන අවස්ථාවේ බැංකුව අසල වැටී තිබූ රන් මාලය අහුලා ගත් බැංකු සේවකයන් ඒ පිළිබඳව ග්රාමීය බැංකු ශාඛාවේ කළමනාකාරීත්වය දැනුම්වත් කර ඇත. පසුව රන් මාලයේ අයිතිකාරිය බැංකු ශාඛාව වෙත කැඳවා එහි වත්මන් සභාපති නෙළුම් කුමාර මහතා සහ එම බැංකු ශාඛාවේ කළමනාකරු ඇතුළු සේවකයන් හා සමිතියේ පාලන අධිකාරියේ නිලධාරීන් ඉදිරියේදි මාලය යළි අයිතිකාරියට භාර දී තිබේ.
හැටන් – රංජිත් රාජපක්ෂ
124