මහවැසි මැද ජනතාවට අපිරිසුදු ආහාර අලෙවි කළ යාපනයේ ආපන ශාලා 3කට හා බේකරියකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙර්දා (20) අධිකරණ නියෝග මත මුද්‍රා තබා ඇත.
මෙම ආපන ශාලා තුන හා බේකරිය මීට ඉහතදී ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැටලීමෙන් පසුව රතු නිවේදන නිකුත්කොට තිබූ ස්ථාන හතරක් වන අතර, මෙවර ද අපිරිසුදු ලෙස ආහාර පිළියෙළ කිරීම හා අපවිත්‍ර ජලයෙන් ආහාර පිසීම, අධික ලෙස මැස්සන් ගැවසීමට ඉඩ හැර තිබීම යන කාරණා මත එම ස්ථාන තුනට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව එම ස්ථානවලට මුද්‍රා තබන ලෙස යාපනය මහෙස්ත්‍රාත්වරයා නියෝගකොට තිබේ.
මෙම ස්ථාන මහජනතාවට සුදුසු ලෙස ආහාර පිළියෙළ කරන ස්ථාන බවට පත් කිරීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ නිර්දේශ මත යළි එම ස්ථාන ආරම්භ කිරීමට ඉඩ සලසා දෙන බව සඳහන් කළ විනිසුරුවරයා සිදු කරන ලද වරදවල්වලට දඩ නියම කිරීම සඳහා ආපන ශාලා හා බේකරියේ අයිතිකරුවන්ට මේ මස 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ
130