යටියන්තොට මලල්පොළ ප්‍රදේශයේ නිධානයක් හාරමින් සිටි ස්ථානයක් පෙරේදා (20) සවස පොලිසියෙන් වටලද්දී එහි සිටි පිරිසක් පලා ගිය අතර, වයස අවුරුදු 38ක් වන ඉඩම අයිතිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව යටියන්තොට පොලිසිය පැවසීය.
ලද තොරතුරක් මත මෙම ස්ථානය වැටලීමේදී ඔවුන් පැමිණ සිටි වැගන් ආර් වර්ගයේ මෝටර් රථය ද ජංගම දුරකතන 3ක් ද හමුවූ අතර, නිදන් හෑරීම සඳහා යොදා ගත් උදලු, යකඩ ඉනි, තාච්චි, මුට්ටි ඇතුළු උපකරණ රැසකුත්, සරමක් කමිසයක් හා සෙරෙප්පු ජෝඩු කිහිපයක්ද, පූජා භාණ්ඩ රැසක් ද අත්අඩංගුවට ගෙන තිබේ. පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (21) රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
යටියන්තොට පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති (පො.ප.) කේ.ජී. ජයන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති (උ.පො.ප.) ඩී.එස්. බී.ජේ. කමල්සිරි (පො.සැ.) 57742 වීරසිංහ (පො.සැ.) 61968 බණ්ඩාර (පො.සැ.) 24110 රත්නප්‍රිය යන නිලධාරීන් මෙම වැටලීම සිදු කර ඇත.
යටියන්තෙට විශේෂ – සමන් එස්. රත්නායක