Saturday, May 10, 2025
Home » අන්තර් කලායතන නර්තන ජය රශ්මීය කලායතනයට

අන්තර් කලායතන නර්තන ජය රශ්මීය කලායතනයට

by sachintha
November 22, 2023 1:00 am 0 comment

අන්තර් කලායතන නර්තන තරගාවලිය – 2023 පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණ.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ ‘වන්නම වෙබ් ලයින්’ ආයතනයේ අධ්‍යක්ෂ නිලංක ලියනගේ මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබිණ. මෙහිදි දිස්ත්‍රික්කයකින් ඒ ශ්‍රේණියේ කලායතන දෙක බැගින් තෝරා ගෙන තිබේ.

මෙම කලායතන 18න් නර්තනාංග 31ක් මෙම තරගාවලියට ඉදිරිපත්ව තිබුණි. සාම්ප්‍රදායික නර්තන, ජන නැටුම්, සංකලන හා නව නිර්මාණ යන අංශ යටතේ තරග සංවිධානය කර තිබුණි. මෙහි විනිශ්චය කටයුතු සිදු කරනු ලැබුවේ සෞන්දර්ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසිනි. මෙහිදී නව නිර්මාණ යන අංශය යටතේ තරග වැදුණු අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාතලේ හන්දියේ රශ්මීය කලායතනයට එහි පළමු ස්ථානය හිමි විය.

ඔවුන් ඉදිරිපත් කළ නර්තනය වූයේ ‘භේරුණ්ඩා’වන්නමයි. මේ සඳහා වූ සහතික හා සමරු ඵලක ප්‍රදානය කෙරිණි.
අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT