අම්බලන්ගොඩ සිට පොලොන්නරුවේ වන්දනාවේ පැමිණ මින්නේරිය වැවේ දිය නෑමට ගොස් සිටියදී එහි ගිලුණු දැරියන් දෙදෙනකු පොලිස් ජීවිතාරක්ෂක සෙබළුන් විසින් බේරාගෙන ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.
මෙසේ බේරාගෙන ඇත්තේ අම්බලන්ගොඩ තිලකපුර පදිංචි වයස අවුරුදු දහයක් සහ එකොළහක් වන දැරියන් දෙදෙනෙකි.
තම මව සමඟ දැරියන් දෙදෙනා නාමින් සිට ඇති අතර, එක් දැරියක දියේ ගිලෙනවා දුටු මව ඇය බේරා ගැනීමට එම ස්ථානයට යාමේදී අනිත් දැරියද දියේ ගිලී ඇත. එම අවස්ථාවේ මව ද දියේ ගිලී ගොස් ඇත.
සිද්ධිය දුටු මිත්තණිය කෑගසා ඇති අතර, එම අවස්ථාවේදී එම ස්ථානයේ සිටි පොලිස් ජීවිතාරක්ෂක භටයන් දියට පැන දැරියන් දෙදෙනා සහ කාන්තාව බේරාගෙන ඇත.
මේ අයුරින් බේරාගෙන ඇත්තේ නෙළුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිය සහ දියණියන් දෙදෙනා බව පොලිසිය පවසයි. මූලික ප්රතිකාර ලබා දීමෙන් අනතුරුව දියේ ගිලුණු පිරිස යථා තත්ත්වයට පත්ව ඇත.
මින්නේරිය සමූහ – සුසිල් කරුණාතිලක