එක්දින ලෝක කුසලාන තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් ඉන්දීය පිතිකරු විරාත් කෝලි පැය 19යි මිනිත්තු 9ක් තණතිල්ලේ රැඳී සිටිමින් පන්දුවට පහරදී ඇත. මෙවර තරගාවලියේ අවසන් තරගය දක්වාම අපරාජිතව පැමිණි ඉන්දීය පිල තරග 11කට මුහුණදුන් අතර, එහිදී කෝලි ලකුණු 765ක් රැස් කළේය. එයට ශතක 3ක් හා අර්ධ ශතක 6ක් ඇතුලත් වූ අතර, කෝලිගේ පිත්තෙන් හතරේ පහර 68ක් හා හයේ පහර 9ක් එල්ල විය.
එක්දින ලෝක කුසලානයේදී ඉන්දීය කණ්ඩායමේ හොඳම පිතිකරුවන් 5 දෙනා පැය 50කට අධික කාලයක් පන්දුවට පහර දුන්හ.
විරාත් කෝලි පෙරමුණේ පසුවෙද්දී රෝහිත් ෂර්මා දෙවන ස්ථානයේද, කඩුලු රකින ක්‍රීඩක කේ.එල් රාහුල් තෙවැනි ස්ථානයේද, ශ්‍රෙයාස් අයියර් සිව්වැනි ස්ථානයේ හා ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පස්වැනි ස්ථානයේ පසු වෙමින් වැඩිම වේලාවක් කඩුල්ලේ රැඳී සිටියහ.
රෝහිත් ෂර්මා තරග 11කදී ලකුණු 597ක් රැස් කළ අතර, එයට ශතකයක්, අර්ධ ශතක 3ක් ඇතුලත් වූ අතර, හතරේ පහර 66ක් හා හයේ පහර 31ක් ඇතුලත් විය. මෙවර තරගාවලිය නිමාවීමත් සමඟ එක්දින ලෝක කුසලාන තරගවල වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට ද රෝහිත් ෂර්මා පත්විය. ෂර්මා හයේ පහර 54ක් එල්ලකොට ඇති අතර, ක්‍රිස් ගේල් හයේ පහර 49ක් එල්ල කොට තිබිණි.
ප්‍රින්ස් ගුණසේකර