Saturday, May 10, 2025
Home » 19න් පහළ පළමු කොටසේ ටියර් ඒ පිට පිට දෙවැනි වරටත් ත්‍රිත්වයට ශූරතාව

19න් පහළ පළමු කොටසේ ටියර් ඒ පිට පිට දෙවැනි වරටත් ත්‍රිත්වයට ශූරතාව

by sachintha
November 22, 2023 12:33 am 0 comment

අවුරුදු 19න් පහළ පළමු පෙළ ටියර් ඒ එක්දින ක්‍රිකට් තරගාවලියේ පිට පිට දෙවැනි වරටත් ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල ඊයේ සමත් විය.
කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයේදී ත්‍රිත්ව විදුහල කොළඹ සාන්ත ජෝසප් විදුහල කඩුලු 2කින් පැරදවමින් මේ ජය වාර්තා කළේය.
තරගයේ කාසියේ වාසිය දිනූ ත්‍රිත්ව පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් සාන්ත ජෝසප් පිල ලකුණු 135ක් රැස් කළ අතර, ජයග්‍රාහී ඉලක්කය ඕවර 39.3කදී පසු කළ ත්‍රිත්ව විදුහලට අහිමි වූයේ කඩුලු 8ක් පමණි.
නොදැවී ලකුණු 37ක් රැස් කළ මානස මධුභාෂණ සාන්ත ජෝසප් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, පන්දු යැවීමේදී තරණ විමලධර්ම
ලකුණු 22කට කඩුලු 3ක් බිඳ දැමීය. මලිත් රත්නායක සහ දිනුක තෙන්නකෝන් කඩුලු 2ක් බැගින් දවා ගත්හ.
ත්‍රිත්වය වෙනුවෙන් අවසන් පූර්ව තරගයේදී ශතකයක් රැස් කළ සුපුන් වඩුගේ මේ තරගයේදී පන්දු 84කදී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් රැස් කරමින් ජයග්‍රහණයට වැඩි දායකත්වයක් දැක්වීය. සුපුන්, නායක මනුල කුලරත්න සමඟ එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 65ක සබඳතාවක් ගොඩනැඟුවේය. පන්දු යැවීමේදී යෙනුල දෙව්තුස ලකුණු 32කට කඩුලු 3ක් දවාලූ අතර, නුෂාන් පෙරේරා ලකුණු 25කට කඩුලු 2ක් දවාලීය.
සා. ජෝසප් – 135 (ඕවර 50) මානස මධුභාෂණ නොදැවී 37, ළහිරු අමරසේකර 21, අවීෂ සමාෂ් 20 (තරණ විමලධර්ම 22/3, මලිත් රත්නායක 26/2, දිනුක තෙන්නකෝන් 36/2)
ත්‍රිත්ව – 139/8 (ඕවර 39.3) සුපුන් වඩුගේ 60 (යෙනුල දෙව්තුස 32/3, නුෂාන් පෙරේරා 25/2)

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT