Saturday, May 10, 2025
Home » චමරි නවසීලන්ත සුපර් ස්මෑෂ් තරගාවලියට

චමරි නවසීලන්ත සුපර් ස්මෑෂ් තරගාවලියට

by sachintha
November 22, 2023 12:50 am 0 comment

නවසීලන්ත ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන සුපර් ස්මෑෂ් කාන්තා විස්සයි20 ලීග් තරගාවලියේ 2023-24 තරගවාරය සඳහා නෝදර්න් බ්‍රේව් කණ්ඩායමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු තෝරාගෙන ඇතැයි වාර්තා වේ.

වත්මන් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ වඩාත්ම සාර්ථක ප්‍රහාරාත්මක වමත් පිතිකාරිනියක වන චමරි නවසීලන්ත ලීග් තරගාවලියට තෝරාගෙන ඇත්තේ මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් කාන්තා ක්‍රිකට් පිටියේ දක්වනු ලබන දස්කම් සැලකිල්ලට ගෙනය.

බිග්බෑෂ් තරග බිමේ කැපී පෙනෙන පිතිහරඹයක නිරතව සිටින චමරි තරග 12කදී අර්ධ ශතක 5ක් සමඟ මුළු ලකුණු 451ක් රැස් කරමින් මෙතෙක් වැඩිම ලකුණු ලාභිනියන් අතර දෙවැනි තැනට පත්ව සිටින අතර, කඩුලු 8ක් දවාලීමට ද සමත්ව සිටී. ලබන ජනවාරි 2 වැනිදා ඇය නෝදර්න් බ්‍රේව් පිල නියෝජනය කරමින් සිය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකාරිනිය වන 33 හැවිරිදි චමරි එක්දින තරග 98 කදී ශතක 8ක් සහ අර්ධ ශතක 15ක් සමඟ ලකුණු 3255ක් රැස් කර ඇති අතර, විස්සයි20 තරග 122කදී ශතකයක් සහ අර්ධ ශතක 8ක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 2651කි. දකුණත් දඟපන්දු යවන්නියක ද වන ඇය එක්දින කඩුලු 28කට සහ විස්සයි20 කඩුලු 40කට ද හිමිකම් කියන්නීය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT