ඉන්දියාවේදී නිමා වූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ප්‍රේක්ෂකයන් විසින් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පැවති ඕනෑම ඉසව්වකදී ඉතිහාසයේ වැඩිම පිරිසක් ක්‍රීඩාංගණයට පැමිණෙමින් තරගාවලිය නරඹා ඇත්තේ මෙවර ලෝක කුසලානයේදීය.
එය ලක්ෂ 12 ඉක්මවා යන අතර, මින් පෙර එම වාර්තාව හිමි කර ගෙන තිබුණේ 2015 වසරේ ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවති තරගාවලියේදීය. එවර ප්‍රේක්ෂකයන් 1,016,420ක් ක්‍රීඩාංගණයට ගොස් තරග නරඹා ඇති අතර, එම සංඛ්‍යාව මෙවර තරගාවලියේදී 1,250,307ක් වී තිබේ.
අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවති ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර අවසන් තරගය නැරඹීමට 92,453ක පිරිසක් ක්‍රීඩාංගණයට පැමිණ තිබිණි.