Saturday, May 10, 2025
Home » වෝනර් ගෙදර යයි

වෝනර් ගෙදර යයි

by sachintha
November 22, 2023 12:58 am 0 comment

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තවදුරටත් ඉන්දියාවේ රැඳී සිටින අතර, ඔවුන් එහිදී විස්සයි20 තරගාවලියකට ක්‍රීඩා කිරීමට නියමිතය. කෙසේ වෙතත් එම තරගාවලියේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ඉවත් කර තිබේ.

ලබන මස 14 වැනිදා පාකිස්තානයට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය හේතුවෙන් වෝනර්ට විවේකයක් ලබාදීමේ මෙහි අරමුණ වී ඇති අතර, ඔහුට අමතරව පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ්, මිචෙල් ස්ටාක් සමඟ තුන් ඉරියව් ක්‍රීඩකයන් වන කැමරන් ග්‍රීන් සහ මිචෙල් මාෂ් ද විස්සයි20 තරගාවලියට එක් නොවෙති.

පාකිස්තානයට එරෙහි තරගාවලිය වෝනර්ගේ අවසන් ටෙස්ට් තරගාවලිය වනු ඇත.
තරග 5කින් සමන්විත ඉන්දීය – ඔස්ට්‍රේලියා විස්සයි20 තරගාවලිය හෙට (23) ආරම්භ වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT