Home » ලෝකයක් බලා සිටි සුබදායී පණිවිඩය නිකුත් වෙයි

ලෝකයක් බලා සිටි සුබදායී පණිවිඩය නිකුත් වෙයි

by yasara
November 23, 2023 8:51 am 0 comment

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර අද උදෑසන 10 සිට ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබෙයි

කෙසේ වෙතත් මෙම සටන් විරාමය හමාස් සංවිධානය  දින 04කට පමණක් සීමා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

නමුත් මේ වන තෙක්  ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැත

හමාස් සංවිධානය විසින් හෙට පළමු ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම නිදහස් කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි ඊශ්‍රායල විදේශ අමාත්‍ය එලී කොහේන් පවසයි

ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර ඇති වූ එකඟතාවය අනුව හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීමට නියමිතයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ සිර කඳවුරුවල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් පමණ ඊශ්‍රායලය විසින් නිදහස් කිරීමට නියමිත බවයි වාර්තා වෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT