ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යුනියන් ඇෂුවරන්ස්, ‘Go Green’ ක්‍රියාන්විතය හරහා තිරසරභාවයේ සහ පාරිසරික වගකීමේ වැදගත්කම හඳුනාගෙන තිබේ. හරිත ක්‍රියාන්විතයන් සඳහා සමාගමේ කැපවීම තවදුරටත් වර්ධනය කිරීමට කර්මාන්තය තුළ සිදු වන පාරිසරික බලපෑම අවම කිරීම, තිරසර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සහ පුළුල් පාරිසරික සංරක්ෂණ ප්‍රයත්නයන් සඳහා දායක වීමේ අරමුණින් යුනියන් ඇෂුවරන්ස් විසින් රක්ෂණ සහතිකයක් සහ විද්‍යුත් රක්ෂණ ලියකියවිලි හඳුන්වා දී ඇත.
රක්ෂණ සහතිකයේ ප්‍රතිලාභ පිළිබඳ සාරාංශයක් සහ රක්ෂණ ඔප්පු හිමියාගේ ජීවිත රක්ෂණය පිළිබඳ මූලික තොරතුරු ඇතුළත් වෙයි. රක්ෂණ සහතිකය සමඟින්, රක්ෂණ ඔප්පු හිමියන්ට බහුවිධ විකල්ප හරහා ගනුදෙනුකරුවන්ට අවශ්‍ය ආකාරයට සකස් කළ විද්‍යුත් රක්ෂණ ලේඛනය වෙත ප්‍රවේශය ලැබෙනු ඇත. ඔප්පු හිමියන්ට ලියාපදිංචි ජංගම
දුරකතන අංකයට එවන ලද SMS සබැඳිය හරහා QR කේතය ස්කෑන් කිරීමෙන් සහ Clicklife යෙදුම හරහා ලේඛන ලබා ගැනීම සඳහා භාවිතයට පහසු, ජංගම-ඵලදායී වේදිකාවක් හරහා රක්ෂණ ලේඛනය බැලීමට හෝ බාගත කර ගැනීමට හැකිය.
මෙම ක්‍රියාන්විතය පිළිබඳව අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස්හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක ප්‍රකාශ කළේ ‘යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අපි නවෝත්පාදනය, ප්‍රගතිය වගේ ම පාරිසරික, සාමාජික සහ පරිපාලන ආචාරධර්ම ආරක්ෂා කිරීම ගැන විශ්වාසය තබා කටයුතු කරන පිරිසක්. මේ මුලපිරීම අනාගතයට
තබන පියවරක් විතරක් නෙවෙයි. අපගේ පරිසරය සුරැකීමට, අපද්‍රව්‍ය අවම කිරීමට සහ අපගේ ගනුදෙනුකරුවන්ට වඩා හොඳින් සේවය කිරීමට දෙන පොරොන්දුවක්. අපගේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සහ මානසික සාමයක් ලබා දෙන අතර, වඩාත් තිරසර අනාගතයක් කරා අපගේ ගමන ඉදිරියට ම යාම ගැන අපි සතුටු වෙනවා’ යනුවෙනි.
මෙම ක්‍රියාන්විතය සම්බන්ධයෙන් සතුට පළ කරමින්, යුනියන් ඇෂුවරන්ස්හි ප්‍රධාන තාක්ෂණික නිලධාරී/විශේෂ නිලධාරී රුමේෂ් මෝදරගේ සඳහන් කළේ යුනියන් ඇෂුවරන්ස් අප ගන්නා ව්‍යාපාරික තීරණවලදී පාරිසරික සහ සමාජීය සාධක පිළිබඳව වැඩි වශයෙන් සලකා බලන බවය. ‘Go Green ක්‍රියාන්විතය වැලඳ ගැනීමෙන්, යුනියන් ඇෂුවරන්ස් සමාගම, ඉන් සිදු වන පාරිසරික බලපෑම අඩු කරනවා පමණක් නොව, කර්මාන්තය තුළ ප්‍රමිතිය මැනෙන මිනුම් දණ්ඩක් නිර්මාණය කරන සමාජීය වගකීම් සහ තිරසර ව්‍යාපාරික භාවිතයන් සඳහා වැඩෙන ඉල්ලුමට අනුකූල වනවා’ යනුවෙන් පැවසීය.