දකුණු අමෙරිකාවේ විශාලතම රට වන බ්‍රසීලයේ උෂ්ණත්වය වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පසුගිය ඉරිදා වන විට බ්‍රසීලයේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.8 ඉක්ම වූ බවත්, එය එරට ඉතිහාසයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මීට පෙර අවසන් වරට සෙල්සියස් අංශක 44.7ක් ලෙස සටහන් වූ එරට ඉහළම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ 2005 වසරේදීය.
දැඩි උෂ්ණත්වය හේතුවෙන් පසුගියදා රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි පොප් ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ සංගීත ප්‍රසංගය අවසන් මොහොතේදී කල් දැමීමට සිදු විය. එම සංගීත ප්‍රසංගය කල් දැමීමට සිදු වූයේ එය ආරම්භ වීමට මොහොතකට පෙර 23 හැවිරිදි රසිකාවියක වූ ඇනා ක්ලේරා අධික උෂ්ණත්වය දරාගත නොහැකිව රෝගාතූර වූ අතර, රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙනි.