Home » තුර්කියෙන් සංක්‍රමණය වූ ඩිලාන් යෙසිල්ගොස් නෙදර්ලන්තයේ පළමු කාන්තා අගමැති වන ලකුණු

තුර්කියෙන් සංක්‍රමණය වූ ඩිලාන් යෙසිල්ගොස් නෙදර්ලන්තයේ පළමු කාන්තා අගමැති වන ලකුණු

by gayan
November 23, 2023 1:00 am 0 comment

වසර තුනක් ඇතුළත දෙවැනි වරටත් ඊයේ පැවැති නෙදර්ලන්ත මහමැතිවරණයෙන් වත්මන් පාලක පක්ෂය වන නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මහජන පක්ෂයේ අපේක්ෂිකා ඩිලාන් යෙසිල්ගොස් අගමැති ධුරයට පත්වනු ඇතැයි වාර්තා පළ වී තිබේ. ළමාවියේදි සිය පවුලේ සාමාජිකයන් සමඟ තුර්කියෙන් සංක්‍රමණය වූ 46 හැවිරිදි ඩිලාන් වත්මන් රජයේ අධිකරණ හා ආරක්ෂක ඇමැතිවරිය ලෙස කටයුතු කරයි.

වසර දෙකක් ඇතුළත නෙදර්ලන්තයේ නැවත මහමැතිවරණයක් පැවැත්වීමට සිදු වූයේ 2021දී සිවුවැනි වරටත් අගමැති ධුරයට පත් වූ මාක් රූට්ගේ රජය සංක්‍රමණිකයන් සම්බන්ධව උද්ගත වූ අර්බුදයක් හේතුවෙන් පසුගිය ජූලි මාසයේදී බිඳවැටීමෙන් පසුවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT