Saturday, May 10, 2025
Home » ශ්‍රී ලංකාවේ හරිත ව්‍යාපෘති ප්‍රවර්ධනය ගැන සතුටුයි

ශ්‍රී ලංකාවේ හරිත ව්‍යාපෘති ප්‍රවර්ධනය ගැන සතුටුයි

ජනාධිපතිගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක එරික් සෝල්හයිම්

by gayan
November 23, 2023 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා රජය හරිත ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම ගැන තමන් සතුටට පත් වන බවත්, උතුරේ සියලු අංශ සංවර්ධනයට පූර්ණ සහාය දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක එරික් සෝල්හයිම් මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (21) යාපනයට පැමිණ උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පී. එම්. එස්. චාර්ල්ස් මහත්මිය හමුවී පැවති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“සූර්ය සුළං හා ජල විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය සම්පත් ශ්‍රී ලංකාවට ඇති නිසා හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකියි. උතුරේ සමාජ, ආර්ථික පසුබිම කෙරෙහි තමන්ට විශාල අවබෝධයක් ඇති නිසා ඒ අත්දැකීම් ඔස්සේ උතුරේ සංවර්ධන කටයුතු සඳහා සහාය දීම මට කළ හැකි දෙයක්.”

මේ සාකච්ඡාව අතරතුර උතුරු පළාතේ ආපදා කළමනාකරණය, ජනතාවගේ දෛනික ජීවන තත්ත්වය, දේශගුණය, ආර්ථිකය, පළාතේ සිදු කළ යුතු සංවර්ධනය පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාරවරිය එරික් සෝල්හයිම් මහතාට සවිස්තරාත්මකව දැනුම් දුන්නාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT