තුවා ආනයනය කරන මුවාවෙන් පාකිස්තානයේ සිට මෙරටට ෙගන්වන ලද රුපියල් කෝටි 27ක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගෙන තිබේ.
පාකිස්තානයේ ලාහෝර් නුවර සිට පාර්සල් 08ක් වශයෙන් සකස් කර තිබූ මෙම හෙරොයින් තොගය පසුගිය 10 වැනිදා ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණි.
මෙම හෙරොයින් තොගය ඇතුළත් ගුවන් භාණ්ඩ තොගය නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන භාණ්ඩ ආනයන සමාගමක් වෙත එවා තිබුණි.
පෙරේදා (21) රාත්‍රියේ මෙම ගුවන් භාණ්ඩ තොගය නිදහස් කර ගෙන යාමට කොළඹ – 05 ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ තිබේ. එහිදී මෙම ගුවන් භාණ්ඩ පාර්සල් ඔහු ඉදිරියේ විවෘත කර පරීක්ෂා කර බැලීමේ දී කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 500ක් බරැති මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා ද කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියේය. මෙම ගුවන් භාණ්ඩ තොගය නිදහස් කර ගෙන යෑමට පැමිණි පුද්ගලයා සහ මෙම භාණ්ඩ නිෂ්කාශනය කර ගැනීමට තැත් කළ වාප්පු ලිපිකරුවන් දෙදෙනෙකු ද රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්පසුව මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
සුභාෂිණී සේනානායක, කටුනායක – ටී.කේ.ජී. කපිල