Sunday, May 11, 2025
Home » දරුවන් පාසලේදී වයසට යෑම වැළැක්වීමට සා/පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියේදී

දරුවන් පාසලේදී වයසට යෑම වැළැක්වීමට සා/පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියේදී

අවු.15දී සා/පෙළ - අවු.17දී උ/පෙළ

by gayan
November 23, 2023 1:00 am 0 comment

රජයේ විෂය නිර්දේශ යටතේ 11 වසරේදී පවත්වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට සැලසුම් කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය. දරුවන් අධ්‍යාපනයේදී වයසට යෑම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවත් මෙම සැලැස්මට අනුව වයස අවුරුදු 15දී සාමාන්‍ය පෙළ විභාගයටත් අවුරුදු 17දී උසස් පෙළ විභාගයටත් දරුවන්ට පෙනී සිටීමට හැකි බවත් ඇමැතිවරයා පැවසුවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. වයස අවුරුදු 4 සම්පූර්ණ වන දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බවත් එසේ ඇතුළත් කර අධ්‍යාපනය ලබා දිය නොහැකි දරුවන් සම්බන්ධයෙන් සොයා බලා ළඟම ඇති පෙර පාසලකට නොමිලේ ඇතුළත් කර අධ්‍යාපනය ලබා දීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීය.

මේ ක්‍රමය මත දරුවන්ට සාමාන්‍ය පෙළ ලිවීමේ වයස අවුරුදු 15 දක්වා අඩු කරගත හැකි බවත් ළමයි 200ට අඩු පාසල් 4000ක් ද, ළමයි 100ට අඩු පාසල් 2900ක් ද පවතින අතර, ග්‍රාමීය මට්ටමෙන් නොමිලේ ප්‍රී ෆ්‍රයිමරි ස්ථාපිත කිරීමට එම පාසල් ලබාගත හැකි බවත් ඇමැතිවරයා පැවසුවේය. පෙර පාසල් පාලිකාවන් පුහුණු කර සහතික පත්‍රවල සිට ඩිප්ලෝමා, උපාධි සුදුසුකම් දක්වා අධ්‍යයන කටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව සලසා දිය හැකි යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT