ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම සඳහා නීතියක් ගෙන ආ යුතු බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරුන් ලෙස සේවය කළ අය නැවත පාර්ලිමේන්තුවට පැමිණ වැරදි පූර්වාදර්ශයක් ලබා නොදිය යුතු බව කී ජයසේකර මහතා රටේ තිබෙන ඉහළම තැනට ගිය පසු නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සදාචාරයෙන් තොර ක්‍රියාවක් බව ද පැවසීය.
ජේ.ආර්. ජයවර්ධන මෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග යන හිටපු ජනාධිපතිවරුන් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම ගැන ස්තුතිවන්ත වන බව කී ජයසේකර මහතා ඔවුන් පාර්ලිමේන්තුවට නැවත නොපැමිණ තමන්ගේ ගෞරවය තබාගෙන කටයුතු කළ බවද පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.
මේ රටේ අල්ලස දූෂණය සෑම තැනකම තියෙනවා. අවංක නිලධාරීන් ගොඩක් ඉන්නවා. හැබැයි අවංක නිලධාරීන්ට අද වැඩ කරන්න බැහැ. කෝප්, කෝපා ඇතුළු අනෙකුත් කමිටුවලින් මේ රටේ වැඩ නොකෙරෙන මූලික හේතුව නිලධාරීන්ගේ දූෂිතභාවය. මේ අල්ලස් කොමිෂන් සභාව පත් කරලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන ක්‍රියාදාමය ඉතාම හෙමින් ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ පවතින අල්ලස් කොමිසමට මේ තියෙන ෆයිල් දෙදහසකට වැඩි ප්‍රමාණයක් වහලා දැම්මා අලුත් අල්ලස් කොමිසම හැදෙන්න කලින්. ඉහළ පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් තමයි මේක කළේ. මේ අය සම්පූර්ණයෙන්ම කොමිසමේ තිබුණු ෆයිල් දෙදහසකට වැඩි ප්‍රමාණයක් වහලා දැම්මා. දැන් අලුත් කොමිෂන් සභාවක් පත් වෙන්න පෙරාතුව පොලිස් නිලධාරින් බඳවා ගන්නවා. එහෙම කොහොමද කරන්නේ? තියෙන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවකට කිසිදු ආකාරයේ බලයක් නෑ පත් වෙන්න. ඉන්න කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන්න හදන ක්‍රියාවලියට අවශ්‍ය පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට අදාළව අතගහන්න.