Saturday, May 10, 2025
Home » ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩාංගණ සේවකයන්ට ඉන්දියාව දුන් ඩොලර් 55,000 කෝ

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩාංගණ සේවකයන්ට ඉන්දියාව දුන් ඩොලර් 55,000 කෝ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by gayan
November 23, 2023 1:00 am 0 comment

මෙරට තුළ පසුගියදා පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩාංගණ වැස්සෙන් තෙමීමට ඉඩ නොදී ආරක්ෂා කළ සේවකයන් සඳහා ඉන්දියාව විසින් ලබා දුන් ඩෝලර් 55,000ක මුදල තවමත් එම සේවකයන් වෙත ලැබී නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය.

එහිදී ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ. ෂා මහතා විසින් ඩොලර් 50,000ක් ද එම අවසන් මහ තරගයේ වීරයා වූ මොහොමඩ් ශිරාජ් ලබා දුන් ඩොලර් 5000ක් ලබා දීමට ක්‍රියා කර තිබිණ.

කෙසේ වෙතත් එම මුදල් මෙතෙක් එම සේවකයන්ට ලැබී නොමැති බවත් එම මුදල් කොහේ ගියේ දැයි විපක්ෂ නායකවරයා විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ එම සේවකයන්ට අදාළ මුදල් හිමිනම් එය ලබා දීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා සමඟ සාකච්ඡා කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT