මෙරට තුළ පසුගියදා පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩාංගණ වැස්සෙන් තෙමීමට ඉඩ නොදී ආරක්ෂා කළ සේවකයන් සඳහා ඉන්දියාව විසින් ලබා දුන් ඩෝලර් 55,000ක මුදල තවමත් එම සේවකයන් වෙත ලැබී නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය.
එහිදී ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ. ෂා මහතා විසින් ඩොලර් 50,000ක් ද එම අවසන් මහ තරගයේ වීරයා වූ මොහොමඩ් ශිරාජ් ලබා දුන් ඩොලර් 5000ක් ලබා දීමට ක්‍රියා කර තිබිණ.
කෙසේ වෙතත් එම මුදල් මෙතෙක් එම සේවකයන්ට ලැබී නොමැති බවත් එම මුදල් කොහේ ගියේ දැයි විපක්ෂ නායකවරයා විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ එම සේවකයන්ට අදාළ මුදල් හිමිනම් එය ලබා දීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා සමඟ සාකච්ඡා කරන බවයි.