Sunday, May 11, 2025
Home » මගේ ලිපිගොනුව ඉස්සීම පිටුපස අදිසි හස්තයක්

මගේ ලිපිගොනුව ඉස්සීම පිටුපස අදිසි හස්තයක්

by gayan
November 23, 2023 1:00 am 0 comment

පාර්ලිමේන්තු සභා ගර්භයේ කලහකාරී ලෙස හැසිරුණු සියලු මන්ත්‍රීවරුන්ට විරුද්ධව පියවරක් ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය.

මන්ත්‍රීවරයකු හැසිරිය යුතු ආකාරය ස්ථාවර නියෝගවල සඳහන් වන බව ද සභා ගර්භයේදී මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම පෙරේදා (22) ස්ථාවර නියෝග 27/2 තමා අත තිබූ ලිපිගොනුව සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා උදුරාගෙන පසුව ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා විසින් රැගෙන ගිය බවත් පැවසීය. ඉන් පසුව එම ලිපිගොනු ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා අතට ගෙන ඉන් පසුව අගමැතිවරයා සහ සභාපතිවරයා සිටි අසුන ළඟට ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ලිපිගොනු භාර දුන් බවත් පැවසූ විපක්ෂ නායකවරයා මෙම ක්‍රියාදාමය පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වූ බවත් පැවසීය.

මෙම අවස්ථාවේදී මෙම කණ්ඩායම සැලසුම්සහගත ලෙස කටයුතු කළ බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පෙරේදා පාර්ලිමේන්තුවේ ඇති වූ කලබලකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT