ඉන්දියාවේ රාමේස්වරන් ධනුෂ්කොඩි ප්‍රදේශයට ගසා ගෙන ගිය ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගෙන තිබේ.
තම ධීවර බෝට්ටුව අනතුරට ලක්වීම නිසා ඔවුන්ගේ බෝට්ටුව ඉන්දියාව දෙසට පාවී ගිය බව එම ධීවරයින් පස්දෙනා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට ප්‍රකාශ කොට තිබේ.
යාපනයෙන් මුහුදු ගිය මෙම ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා තමිල්නාඩු වෙරළාරක්ෂක පොලිසිය වෙතා භාර දී තිබේ.
ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් අවධාරණය කොට ඇත්තේ උතුරේ විවිධ අපරාධවලට හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පිරිස් මේ දිනවල ඉන්දියාවට පලා යන බැවින් මේ ධීවරයින් පිරිස ගැන ප්‍රශ්න කිරීම් හා සොයා බැලීම් තවදුරටත් සිදු කළ යුතු බවයි.
මේ සඳහා ඉන්දීය බලධාරීන් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ද තොරතුරු විමසා ඇත.
ධීවරයින් සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු තහවුරු කරගැනීම සඳහා ධීවරයින් පස් දෙනා ගිය ධීවර බෝට්ටුවේ විස්තර ද මේ වන විට යාපනයට එවා ඇති අතර එම යාත්‍රාවේ ලියාපදිංචිය පිළිබඳව තහවුරු කිරීම් ද විමසා ඇත.