ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු මුද්‍රණය කොට ඒවා වංචා සහගතව වලංගු මුදල්වලට මාරු කරමින් මුදල් ඉපැයු විසිහත් හැවිරිදි තරුණයෙකු බියගම පොලිසිය මඟින් පෙරේදා (21) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහු ළඟ තිබී ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 63ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
තවද මොහුගේ කුරුණෑගල, පොල්පිතිගම පුදේශයේ පිහිටි සිය නිවසේ සඟවා තිබී එම ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදා ගත් මුද්‍රණ යන්ත්‍රයක් ද සොයා ගෙන තිබේ.
එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශාන් ගමගේ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් සිය ප්‍රදේශයේ අපරාධ නිවාරණ මෙහෙයුමක යෙදී සිටිනවිට වඩුවේගම තැපැල් කාර්යාලය අසල සැක කටයුතු ලෙස හැසිරිණු මොහු පරීක්ෂා කිරීමේදි ඔහුගේ මුදල් පසුම්බිය තුළ තිබී එම ව්‍යාජ නෝට්ටු හමුවී ඇත.
තව ද මොහු විසින් බියගම, හේනිහත්ත ප්‍රදේශයේ වෙළෙඳ සැල් දෙකකට එම ව්‍යාජ නෝට්ටු දෙකක් දී වලංගු මුදල් ලබා ගෙන තිබෙන බවට හෙළි කර ගැනීමට හැකිවිය.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි.
257