Saturday, May 10, 2025
Home » ජනාධිපති කාර්යාලයේ කැබ්රිය පාර්ලිමේන්තුව අබියස පොකුණේ

ජනාධිපති කාර්යාලයේ කැබ්රිය පාර්ලිමේන්තුව අබියස පොකුණේ

by gayan
November 23, 2023 1:00 am 0 comment

අධික වර්ෂාව අවස්ථාවේදී පාර්ලිමේන්තු සංකීර්ණයට ඊයේ (22) පස්වරුවේ පැමිණි ඩබල් කැබ් රථයක් පාර්ලිමේන්තුව අභියස පිහිටි ජල පොකුණට වැටි අනතුරට ලක්විය.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් මෙම රථයේ අඩක් ජල පොකුණට වැටී තිබූ අතර වේගය පාලනය කර ගැනීම හේතුවෙන් සිදුවන්නට ගිය අනතුරක් වැළකී ඇත.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් පතිත වූ අතර එමම රථය ආරක්ෂක අංශ, ගිනි නිවන හමුදාව ආදි පිරිස් මැදිහත්වී ඒම ස්ථානයෙන් ඉවත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT