කිරිබත්ගොඩ, මහර, දළුපිටිය ශරිර සුවතා මංතීරුව අසල අැති අැළ මාර්ගය අාශ්‍රිතව විවිධ ප්‍රමාණයේ කිඹුලන් දස දෙනකු පමණ ගැවසීම නිසා එම ස්ථානයට ශරීර සුවතා කටයුතු සදහා පැමිණෙන ජනතාව අැතුළු ප්‍රදේශ වාසින් ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ලවී අැති බව ප්‍රදේශ වාසිහු පවසති.
මුතුරාජවෙල වගුරු බිම් අාශ්‍රිතව සිටි කිඹුලන් අැළ මාර්ග ඔස්සේ මෙම ප්‍රදේශයට පැමිණ අැති බව ඔවුහු පවසති.
ප්‍රදේශයේ නිවාස අශ්‍රිතව සිටින බල්ලන්, බළලුන්, කුකුළන්, තාරාවන්, අැතුථ විවිධ සතුන් මෙම කිඹුලන් නිසා විවිධ අනතුරුවලට ලක් වීමේ දැඩි අවදානමක් මතුව අැති බව ට එහි ගිය අපට දැන ගැනීමට හැකි විය. මෙම ශරීර සුවතා මන්තීරරුව මහර සහ කැලණිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය අාශ්‍රිතව පිහිටා තිබේ.
හිමිදිරි පාන්දර සහ රාත්‍රි කාලයේ මෙම ශරිර සුවතා මංතීරැවට ශරීරි සුවතා කටයුතු සදහා වැඩි වශයෙන් ජනතාව පැමිණෙන අතර එම කාලයේ පැවතින දැඩි අදුරැ ස්වභාවය නිසා කිඹුලන් ගෙන් අනතුරැ සිදු විමේ වැඩි අවදානමක් ඇත.
ප්‍රදේශයේ ගැවසෙන මෙම කිඹුලන් පිළිබදව ජනතාව ගම්පහ වනජීවී කාර්යාලයට සහ ප්‍රදේශයේ විවිධ පොලිස් ස්ථානවලට දන්වා සිටියත් මෙම කිඹුලන් ඉවත් කර ජනතාවට අාරක්ෂාව ලබා දීමට එම බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බව ප්‍රදේශ වාසිහු පෙන්වා දෙති.
මහර සමූහ – ගණිදු රෝචන සමරතුංග