Home » සා/පෙළ වැඩ නවයක් සමත් සැකකරු අගහිඟකම් නිසා හොරකමට හුරු වෙලා

සා/පෙළ වැඩ නවයක් සමත් සැකකරු අගහිඟකම් නිසා හොරකමට හුරු වෙලා

හොරා ගත් ලක්ෂ 50ක රන් බඩු සමඟ හමුදාවෙන් පැන්න සෙබළා කොටු වෙයි

by gayan
November 23, 2023 1:00 am 0 comment

දිවා කාලයේ වසා තිබෙන නිවාසවලට ඇතුළු වී සොරාගත් රුපියල් ලක්ෂ පණහකට වැඩි වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් සමග යුද හමුදාවෙන් පලා ගිය හිටපු සෙබළෙකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

සැක කටයුතු ලෙස හැසිරෙන පුද්ගලයකු පිළිබදව අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාට ලද තොරතුරක් මත හබරකඩ සමුපකාර මාවත බෝධිරාජ පෙදෙසේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම නිවාස බිඳීම් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

අතුරුගිරිය, මීගොඩ, මාලබේ, හෝමාගම, කිරිබත්ගොඩ පොලිස් වසම්වල නිවාස 11කින් මෙලෙස භාණ්ඩ සොරාගෙන ඇත.

සැකකරු සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් දහයෙන් නවයක් සමත්ව උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබුව ද නිවසේ තිබූ ආර්ථික අපහසුතා නිසාවෙන් උසස් පෙළ විභාගයට මුහුණ නොදී යුද හමුදා සේවයට එක්ව ඇති බවත් යුද හමුදාවට එක්වීමට පෙර ද නිවාසවලට සොරෙන් ඇතුළු වී ආහාරපාන සොරා ගැනීමට පුරුදුව සිට ඇතැයි ද අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විද්‍යාල මාවත ඔරුවල අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 හැවිරිදි යුද හමුදාවෙන් පලා ගොස් පෙදරේරුවකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරධ ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක ප්‍රේමලාල් පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ පොලිස් සැරයන්වරුන් වන 36709 සුකුමාරන් 38307 ජයසුන්දර පොලිස් කොස්තාපල්වරුන් වන 84898 හර්ෂ 928 සුසන්ත 23687 එරන්ද 92523 ප්‍රියංකර 96923 බණ්ඩාර යන නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT