කිළිනොච්චියේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පොලිසියට ව්‍යාජ වැලි ප්‍රවාහන බලපත්‍ර පෙන්වමින් වසර තුනක කාලයක් වැලි ප්‍රවාහනය කළ බවට පොලිසියට පෙරේදා (22) තොරතුරු අනාවරණය වී තිබේ. එලෙස තොරතුරු අනාවරණය වී ඇත්තේ එක් වැලි ප්‍රවාහන බලපත්‍රයක් සම්බන්ධයෙන් හටගත් සැකයක් මත ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් පසුවය.
ව්‍යාජ බලපත්‍ර යොදා ගෙන වැලි ප්‍රවාහනය කළ කිළිනොච්චියේ ව්‍යාපාරිකයින් දෙදෙනා විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර ඔවුන්ට අයත් ටිපර් රථවලින් වැලි ප්‍රවාහනය කරමින් සිටියදී ටිපර් රථ නවත්වා පොලිස් නිලධාරීන් බලපත්‍ර පරීක්ෂා කිරීමේදී එම බලපත්‍ර සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත එම ව්‍යාපාරිකයින් දෙදෙනාව පොලිසියට රැගෙන ගොස් කළ විමර්ශනවලදී එම වැලි ප්‍රවාහන බලපත්‍ර ව්‍යාජ ඒවා බවට තොරතුරු හෙළි වී තිබේ.
ව්‍යාජ වැලි ප්‍රවාහන බලපත්‍රය ඉදිරිපත් කළ ව්‍යාපාරිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ ඔවුන් කිළිනොච්චියේ රජයේ කාර්යාලයක නිලධාරියෙකුගෙන් එක් බලපත්‍රයක් රුපියල් 15,000ක් බැගින් ගෙවා වසර තුනක කාලය මුළුල්ලේම වැලි ප්‍රවාහනය කොට ඇති බවයි.
වැලි ප්‍රවාහනය කිරීම සඳහා අනිවාර්යෙන්ම බලපත්‍රයක් තිබිය යුතු අතර, එම බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියට යටත්ව පතල් කැණීම් හා භූ විද්‍යා අංශය මඟිනි. කිළිනොච්චිය පොලිසිය විසින් එම නිලධාරියා ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන් තිදෙනාම කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.