විවිධ වැරදිසහගත ක්‍රියාවන් සිදු කළ සෞඛ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය අනුව විනය පරීක්ෂණ සිදු කර අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීවේය.
එම ක්‍රියාමාර්ග ගැනීමේදී හිතුමතේ තීරණ ගත නොහැකි බව කී ඒ මහතා, ඊට යම් ක්‍රියාවලියක් තිබෙන බවත් කීවේය.
යම් කාලයක් ඒ සඳහා අවශ්‍ය කරන බව පැවසූ ඇමැතිවරයා එකම ස්ථානයේ වසර ගණනාවක් සේවය කරන නිලධාරීන්ට මේ වන විට වෙනත් ස්ථානයකට මාරුවීම් ඉල්ලන ලෙස දැනුම් දී තිබෙන බව ද පැවසුවේය.
ගොඩක් ආයතන දේශපාලනයෙන් ව්‍යුක්තයි. දේශපාලන නියෝජිතයන්ට හෝ කැබිනට් මණ්ඩලයට නිලධාරීන් වෙනස් කළ නොහැකියි. මාරුවීම් ලබාදීම ඇතුළු ක්‍රමවේද සිදු කළ යුතු ක්‍රියාවලියක් තිබෙනවා. මේ වන විටත් එකම ස්ථානයේ වසර ගණනාවක් සිටින අයට වෙනත් ස්ථානවලට මාරු වෙන ලෙස ඉල්ලීම් කර තිබෙනවා. වැරදි කර තිබෙන සියලු දෙනාට විනය පරීක්ෂණ ක්‍රියාවලියක් හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා යැයිද කීවේය.