Home » පාර්ලිමේන්තු සභාගර්භයේ සිදු වූ සිද්ධිය ගැන මා කනගාටු වෙනවා

පාර්ලිමේන්තු සභාගර්භයේ සිදු වූ සිද්ධිය ගැන මා කනගාටු වෙනවා

by mahesh
November 24, 2023 1:00 am 0 comment

පාර්ලිමේන්තු සභාගර්භයේදී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් මා කනගාටු වන බව ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කැර ඇත.

එය සිදු නොවිය යුතු සිද්ධියක් බව තමා විශ්වාස කරන්නේ යැයි ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර ඇත.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වීඩියෝගත කිරීම නතර කරන ලෙස කථානායකවරයා කිහිප වරක්ම දැනුම් දුන්නද විපක්ෂයේ මන්ත්‍රීවරයා ඊට අනුගත නොවීම හේතුවෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය ඇති වූ බව පවසන රාජ්‍ය ඇමැතිවරයා එම සිද්ධියෙන් පසුව විපක්ෂ නායකවරයා මා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට තර්ජන කළ බවද ප්‍රකාශ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් පවත්වා මා වෙත පමණක් වරද පටවා දඬුවම් කිරීම තමාගේ වරප්‍රසාද උල්ලංඝනය වීමක් බවත් විපක්ෂ නායකවරයා සහ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද උල්ලංඝනය කර ඇති හෙයින් එම දෙදෙනා සම්බන්ධයෙන්ද සුදුසු දඬුවම් දෙන ලෙස ඉල්ලා සිටින බවත් සනත් නිශාන්ත මහතා එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT