700
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගයකදී ක්‍රීඩිකාවක් තුවායක් ආධාරයෙන් පන්දුව අල්ලා ගැනීම හේතුවෙන් විනිසුරුවරයා ප්‍රතිවාදී කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් ලබා දුන්නේය.
බ්‍රිස්බේන්හි ඇලන් බෝඩර් ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ පැවති බ්‍රිස්බේන් හීට් සහ සිඩ්නි සික්සර්ස් අතර තරගයේදී සිඩ්නි සික්සර්ස් කණ්ඩායම ඉලක්කය හඹා යමින් සිටියදී එමිලියාර් කර්ර් ක්‍රීඩිකාව තුවායක් අතේ තබාගෙන සිටියදී පන්දුව අල්ලා ගැනීම හේතුවෙන් මේ සිද්ධිය ඇති වුණි. ක්‍රිකට් රීතියක් ලෙස, පන්දු රැකීමේදී, අතේ කිසිවක් නොතිබිය යුතු වේ.