Saturday, May 10, 2025
Home » කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මානයෙන් මලිඳු ඩේරි සමාගම පිදුම් ලබයි

කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මානයෙන් මලිඳු ඩේරි සමාගම පිදුම් ලබයි

by gayan
November 25, 2023 1:00 am 0 comment

කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන මලිඳු ඩේරි පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදි කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උලෙළේදී කළමනාකාර අධ්‍යක්ෂ මංජුල නිශාන්ත මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

සුළු පරිමාණයෙන් යෝගට් නිෂ්පාදනය කරමින් 1993දී ඇරැඹූ මලිඳු ආයතනය ඉන්පසුව යෝගට් පාන වර්ග නිෂ්පාදනයට පිවිසුණි. වර්තමානයේදී යෝගට් වර්ග සහ මී කිරි නිෂ්පාදන මලිඳු සන්නාමයෙන් වෙළෙඳ පොළට පැමිණේ. අති නවීන යන්ත්‍ර සුත්‍ර භාවිතයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ 100%ක් නැවුම් ඵළකිරිවලින් සහ මී කිරිවලින් නිපදවන මලිඳු නිෂ්පාදන දිවයින පුරා පිහිටි වෙළෙඳසැල්වලින් මිලට ගත හැකිය. මලිඳු ඩේරි සමාගම ISO: 14001, ISO: 22000 සහ GMP යන තත්ත්ව සහතිකවලින් සහ සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. නිරන්තරයෙන් සිදු කරන පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ඔස්සේ මලිඳු ඩේරි සමාගම සිය නිෂ්පාදනවල උසස් තත්ත්වය සහ ගුණාත්මකභාවය ඉහළ දැමීමට කටයුතු කරයි. “ඉතා දුෂ්කර කාලයක සියලු අභියෝග ජය ගනිමින් ව්‍යාපාරය සාර්ථකව මෙහෙය වන්න අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. නමුත් ව්‍යවසායකයන් වන අප ඉදිරියේ දැවැන්ත ප්‍රශ්න රැසක් තිබෙනවා. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මෙම ජයග්‍රහණයට සහාය දැක්වූ අපගේ වටිනා පාරිභෝගිකයන්ටත්, කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.” කළමනාකාර අධ්‍යක්ෂ මංජුල නිශාන්ත මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT