Saturday, May 10, 2025
Home » ෆොන්ටෙරා සමාගමෙන් කිරි නිෂ්පාදනය නව්‍යකරණයට සහාය

ෆොන්ටෙරා සමාගමෙන් කිරි නිෂ්පාදනය නව්‍යකරණයට සහාය

by gayan
November 25, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සමාගම වන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා විසින්, වයඹ විශ්වවිද්‍යාලයේ පශු සම්පත් හා පක්ෂි විද්‍යා අධ්‍යයන අංශය සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගනිමින්, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය බල ගැන්වීම වෙනුවෙන් රජය විසින් කරගෙන යනු ලබන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා සහයෝගය ලබා දීමට අරමුණු කරයි. ඊට සමගාමී ව ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම සහ වයඹ විශ්වවිද්‍යාලයේ පශු සම්පත් හා පක්ෂි විද්‍යා අධ්‍යයන අංශය අතර අවබෝධතා ගිවිසුමක් පසු ගිය දා අත්සන් කෙරුණු අතර, එමඟින් මෙරට පශු සම්පත් ක්ෂේත්‍රයේ වර්ධනයට ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමේ කැප වීම පිළිබිඹු කරයි.

මෙම සහයෝගිතාවේ මූලික අරමුණ වන්නේ මෙරට පශු සම්පත් ක්ෂේත්‍රයේ ඉදිරි වර්ධනය සඳහා දායක වීම සඳහා කුසලතාවලින් සහ දැනුමෙන් යුත් විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමේ සහ පර්යේෂණවල නිරත වීමේ අවස්ථාව ලබා දීමයි.

මෙම සහයෝගිතාවට සමගාමිව වයඹ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට දීර්ඝකාලීන හා කෙටිකාලීන පුහුණු වැඩසටහන්වලට සහභාගි වීම සඳහා පන්නල පිහිටා ඇති, අතිනවීන තාක්ෂණයෙන් සමන්විත, ෆොන්ටෙරා සමාගමට අයත් කිරි ගොවිපළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙයි. මෙම සුවිශේෂී රාජ්‍ය හා පෞද්ගලික සහයෝගිතාව මඟින් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය ආශ්‍රිත අනාගත වෘත්තිකයින් දැනුමින් හා කුසලතාවලින් පෝෂණය කරමින්, මෙම කර්මාන්තය ගෝලීය තලයට ගෙන ඒම අරමුණු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT