එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් නිල ගුවන් සේවාව වන එමිරේට්ස් ගාසා තීරයේ යුද ගැටුම් සැළකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙනතුරු ඊශ්‍රායලය බලා පියාසර කරන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නොවැම්බර් මස 30 වැනිදා දක්වා ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිටුවන බව එමිරේට්ස් ගුවන් සේවය මීට පෙර නිවේදනය කර තිබිණි.
ඊශ්‍රායලයේ පවතින තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්, අදාළ බලධාරීන් සමඟ සම්බන්ධතා පවත්වමින් සිටින බවත් එමිරේට්ස් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කර ඇතැයි ද වාර්තා වේ.
මීට පෙර පළමුව ඔක්තෝබර් මස 20 දක්වා ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිටුවා තිබූ අතර, පසුව එය ඔක්තෝබර් මස 26 දක්වා දීර්ඝ කර තිබිණි. ඉන් අනතුරුව නොවැම්බර් මස 14 වැනිදා දීර්ඝ කළ එමිරේට්ස් ගුවන් ගමන් පසුගියදා දීර්ඝ කරනු ලැබුවේ නොවැම්බර් මස 30 වැනිදා දක්වා කාල සීමාවකටය.