Saturday, May 10, 2025
Home » වීසා රහිත විදේශිකයන්් පාකිස්තාන‍ෙයන් පිටවීමේදී ඩොලර් 830ක ගාස්තුවක්

වීසා රහිත විදේශිකයන්් පාකිස්තාන‍ෙයන් පිටවීමේදී ඩොලර් 830ක ගාස්තුවක්

by gayan
November 25, 2023 1:00 am 0 comment

නිත්‍යානුකූල වීසා බලපත් රහිතව පාකිස්තානයට පැමිණි ඕනෑම පුද්ගලයකු නැවත රටින් පිටවෙද්දී අමෙරිකානු ඩොලර් 830ක පිටවීමේ ගාස්තුවක් ගෙවිය යුතු බව පාකිස්තානය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය. වීසා රහිතව එරට රැඳී සිටින ඇෆ්ගනිස්තානු ජාතිකයන් මිලියන 1.7ක් නොවැම්බර් මස 1 වැනිදාට පෙර රටින් පිටවිය යුතු බව පසුගිය ඔක්තෝබරයේදී පාකිස්තාන රජය නියෝග කර තිබූ අතර, එසේ පිටවී යෑමට අසමත් පුද්ගලයන් රටින් පිටුවහල් කරන බව ද ප්‍රකාශ කර තිබිණි.

වසර 2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු ලක්ෂ සංඛ්‍යාත ඇෆ්ගනිස්තාන ජනතාව පාකිස්තානයට පලාගිය අතර, ඉන් වැඩි පිරිසක් නැවත මේ වන විට පාකිස්තාන රජයේ නියෝගය පරිදි යළි ඇෆ්ගනිස්තානයට ගොස් ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවද වීසා කල් ඉකුත් වීමෙන් පසු පාකිස්තානයේ රැඳී සිටි කාල සීමාව අනුව පිටවීමේ ගාස්තු අඩු වැඩි වන බව ද එරට රජය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT