රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ අමෙරිකානු යුද නෞකාවක වෙත පැමිණෙමින් තිබූ ප්‍රහාරක ඩ්‍රෝන යානා කිහිපයක් වෙඩි තබා බිම හෙළූ බව අමෙරිකාව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. යේමනයේ හවුති ත්‍රස්ත සංවිධානය විසින් එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කරනු ලැබූ බව ද අමෙරිකාව ප්‍රකාශ කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.
එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇත්තේ අමෙරිකානු යුද නෞකාව රතු මුහුදේ මුර සංචාරයේ යෙදී සිටියදී බවත්, ඩ්‍රෝන ප්‍රහාරයෙන් නෞකාවට කිසිදු හානියක් සිදු නොවූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.
රතු මුහුදේ හවුති ත්‍රස්ත ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති අතර, පසුගියදා ජපානයට අයත් භාණඩ ප්‍රවාහන නෞකාවක් හවුති ත්‍රස්තවාදීන් විසින් පැහැරගනු ලැබීය. එම නෞකාව සහ කාර්ය මණ්ඩලය වහාම නිදහස් කරන ලෙස අමෙරිකාව ඉල්ලා සිටි බවත් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.