මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ඇදහැළුණු මහ වැස්සත් සමඟ අංකඩ ග්‍රාමසේවා වසමේ වරාදොළවත්තේ නිවාස පේලියක් අසල පස් කන්දක් නායයෑමෙන් පේලි නිවාස 11ක පදිංචි පවුල් 28ක් ඉවත් කිරීමට සිදු වූ බව මොනරාගල ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ. එච්. රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.
පේලි නිවාසය අසලටම පස්කන්ද නායගොස් ඇති අතර නිවාසවලටද අලාභ හානි සිදුවනු ඇති බවට නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදාළ පවුල් ඔවුන්ගේ ඥාතීන්ගේ නිවෙස්වලට පිටත් කර යවා ඇත.
ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. තවද වැල්ලවාය කුරුගම කරඳගොල්ල සාදිනාවෙලා ප්‍රදේශයේ නිවසක් ගිලාබැසීම නිසා ඒ අවට පවුල් 06ක් ඉවත් කිරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.
ඩී.එස්.ගුණතිලක -ඌව වෙල්ලස්ස විශේෂ