Saturday, May 10, 2025
Home » වවුනියාවේ ගොවීන්ට ටොම් ඊ.ජේ.සී අඹ පැළ 84,000ක් ලබා දෙනවා

වවුනියාවේ ගොවීන්ට ටොම් ඊ.ජේ.සී අඹ පැළ 84,000ක් ලබා දෙනවා

ඇමැති මහින්ද අමරවීර

by gayan
November 25, 2023 1:00 am 0 comment

වවුනියාවේ ගොවීන්ට ටොම් ඊ.ජේ.සී අඹ පැළ 84,000ක් ලබාදීමේ ව්‍යාපෘතියක් මේ වන විට එම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේය.

මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි ජීවත්වන ජනතාවට ටොම් ඊ.ජේ.සී අඹ පැළ ලබාදීම සම්බන්ධයෙන් මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම ඇමැතිවරයා මේ බව පැවසීය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 300ක් සඳහා එක් පවුලකට අඹ පැළ 280 බැගින් 84,000 බෙදාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මේ වන විටත් ගොවි පවුල් 207ක් සඳහා අඹ පැළ 47,424ක් ලබා දී තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT