විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ සහ කමිටුවේ නිලධාරීන් සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා (22) විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉන්දියානු මධ්‍යම විදුලිබල අධිකාරියේ හිටපු සභාපති, ආචාර්ය පන්කජ් බාත්‍රා මෙරට විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සහාය පළකිරීමට අනුයුක්ත කර ඇති අතර, ඔහු සමඟ කොළඹ විශ්වවිද්‍යාලයීය මානව සම්පත් කළමනාකරණ අංශයේ මහාචාර්ය අරෝශා අධිකාරම් මහත්මිය මානව සම්පත් කළමනාකරණ කටයුතු වෙනුවෙන් සහාය දීමට සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආයතනික ශක්තිමත් කිරීමේ උපදේශකවරයකු වන ඩබාසිස් මහපත්‍රා මහතාගේ සහාය ද දී ඇත.
ගැසට් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට පෙර කැබිනට් මණ්ඩලය අනුමත කළ නව විදුලිබල පනත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, ආසියානු සංවර්ධන බැංකුව ,ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය, ලෝක බැංකුව සහ අමෙරිකානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ඇතුළු සංවර්ධන නියෝජිත ආයතනවල නිරීක්ෂණ සහ ව්‍යවස්ථානුකුලව අවශ්‍ය රෙගුලාසි සකස් කිරීමට පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, අයක්‍රමය සැකසීමේ නීති සහ පනතේ සිංහල පරිවර්තනයේ සිදු විය යුතු වෙනස්කම් සාකච්ඡා කළ බව ඇමැතිවරයා පවසයි.