Home » බණ්ඩි පොහොර මිල පහළට

බණ්ඩි පොහොර මිල පහළට

by chanaka
November 26, 2023 3:00 pm 0 comment

බණ්ඩි පොහොර මිල මෙම මහ කන්නයේදී රුපියල් 9000දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අද (26) පෙරවරුවේ ඇඹිලිපිටිය දී පැවැති පසුගිය යල කන්නයේවගා හානි වන්දි පිරිනැමිමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

යල කන්නයේ දී වළව කලාපයේ වගාහානි සිදු වූ ගොවීන්ට වගා හානි සඳහා අද දින රුපියල් ලක්ෂ 1000ක මුදලක් රජය විසින් පිරිනමනු ලැබීය.

ඒ අනුව රුපියල් 19,000කට අලෙවි කළ බන්ඩි පොහොරමිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මන්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබුනු බවද අමාත්‍යවරයා සඳහන් කලේය.

රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් එම මිලට බන්ඩි පොහොර ලබා දීම සිදු කරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT