Home » ජනසභා මන්දො කරන්න හැකි වුණොත්; රට හොඳ තැනකට අරගෙන මංගච්චවන්න පුළුවන් – ආදිවාසී නායක

ජනසභා මන්දො කරන්න හැකි වුණොත්; රට හොඳ තැනකට අරගෙන මංගච්චවන්න පුළුවන් – ආදිවාසී නායක

by chanaka
November 26, 2023 9:20 pm 0 comment

රජය විසින් ආරම්භ කරන ලද ජනසභා ක්‍රමය ඉතා කාලෝචිත වූත් අර්ථාන්විතවූත් ක්‍රියාවලියක් බව තමන් තරයේ විශ්වාස කරන බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසයි.

මෙම ක්‍රමය තුළ සැබෑවටම ප්‍රමුඛතාව දිය යුතු ජනතා ගැටලු, ප්‍රශ්ණ හා අවශ්‍යතා මැනවින් හදුනා ගැනීමට නිතැතින්ම අවකාශය හිමිවන බවද ආදිවාසී නායකයා ජනසභා ලේකම් කාර්යාලය වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර සිටියි.

මෙතෙක් කල් පැවැති ජනතා ගැටලු, ප්‍රශ්ණ සහ අවශ්‍යතා සම්බන්ධයෙන් සැලසුම් යෝජකයින් හා සැලසුම් ශිල්පීන් සියලු දෙනා වායුසමනය කරන ලද කාමරවල සිට ඒවා පිළිබඳව තීන්දු තීරණ ගැනීම නිසා සැබෑවටම ජනතා ගැටලුවලට නිසි පිළිතුරු ලැබුණේද යන ප්‍රශ්ණය පවතින බවත් ජනසභා වැඩපිළිවෙල තුළින් එම කාලය නිමවන බවත් ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පෙන්වා දී ඇත.

එසේම ජනසභා වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේ කඩිනමින් සම්මත කර ගැනීමේ අවශ්‍යතාව සදහන් කරන වන්නිල ඇත්තෝ, මෙම වැඩසටහනේ අපේක්ෂිත අරමුණුවලට කඩිනමින් ලගා වීමට හැකිවේවායි ද සුබ ප්‍රාර්ථනා කර තිබේ.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ යොමු කර ඇති සම්පූර්ණ ලිපිය පහතින්,

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT