287
පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව ඒකාබද්ධව කළ විශේෂ මෙහයුමකින් සැකකරුවන් 40 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ, වැල්ලම්පිටිය පොලිස් වසමේ අද(26) අලුයම පැය තුනක් පමණ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
එහිදී පොලිස් සහ හමුදා නිලධාරීන් 300 කට අධික පිරිසක් නිවාස 50 කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කර ඇත.
පොලිසිය පැවසුවේ, අපරාධ සහ මත්ද්‍රව්‍ය ජවාරමට සම්බන්ධ සැකකරුවන් ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි.