287
හල්දුම්මුල්ල, පූනාගල, ගල්බොක්ක ප්‍රදේශයේ නායයාමක් සිදුවීමට ඉඩ ඇති බැවින්, එහි පදිංචි පවුල් 49ක පුද්ගලයින් 202 දෙනකු ආරක්ෂිතව ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවාය.
තේ වත්තක් ආශ්‍රිතව බෑවුම් සහිත ඉඩමක මෙලෙස නායයාමේ අවදානමක් මතු වී ඇති බැවින් ඊට පහළින් පිහිටි නිවාස පේළියක පදිංචිව සිටි පිරිස් මෙසේ ඉවත් කර ඇත.
එලෙස ඉවත් කළ පවුල් පුනාගල අංක 02 දෙමළ විදුහලේ සහ ගල් බොක්ක දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා තිබේ.
එමෙන්ම මෙම ස්ථානය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූමි පරීක්ෂණ වාර්තාවක් ද ලබාගැනීමට නියමිතය.